මහර රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට මාරු කරයි

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට එහි සිටින රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගර වෙත මාරු කර යැවිමට කටයුතු කරමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව රැඳවියන් 20 දෙනෙකු පමණ අද (02) පෙරවරුවේ බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවූ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම, බදුල්ල, වව්නියාව සහ වැලිකඩ යන බන්ධනාගාරවලටද මහර බන්ධනාගාරයේ සිටින රැඳවියන් පිරිසක් මාරු කර යැවීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ.
